Thursday, December 13, 2012

අක්ෂර අපේ මෙහෙවර ඉදිරියට ඔබ සමග..


අක්ෂර අපි 2012 ජනවාරි මාසේ අට වෙනිදා පුංචි සිත් වලට සතුටක් දෙන්න බොරැල්ල ජයන්ති ළමා නිවාසයට ගියපු ගමන ගැන අපි කලින් කිව්වානේ.. ඒ ගැන නොදන්න අය "අක්ෂර අපේ මෙහෙවර" පෝස්ට් එක කියවලාම බලන්න..



ඉතින් අපි ඒ ආරම්භ කරපු මෙහෙවර 2013 වසරේදිත් (ජනවාරි හෝ පෙබරවාරි) කරන්නයි අපේ මේ සූදානම.. මුලින්ම අපි සැළසුම් කලේ මේ අවුරුද්දේදී කලා වගේ අක්ෂරයේ අපි විතරක් එකතු වෙලා මේ කටයුත්ත කරන්න. ඒත් පස්සේ තීරණය කළා මේ කටයුත්තට සහභාගී වෙන්න කැමති බ්ලොග් රචකයෝ/ පාඨකයෝ ඉන්නවානම් ඒ අයවත් අපිත් එක්ක එකතු කරගන්න.

මුලින්ම අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා.. ඔබ දන්න ළමා නිවාසයක්/ වැඩිහිටි නිවාසයක් හෝ අපෙන් උපකාරයක් අවැසි අපිට උපකාර කළ හැකි වෙනත් ආයතයක් ගැන හෝ උපකාරයක් අවැසි කෙනෙක් ගැන තොරතුරක් දන්නවානම් අපිට දන්වන්න. කොළඹ හෝ අවට ආයතනයක් නම් ඉතින් අපි කාටත් ලේසියි.. එතකොට අපිට පුලුවන් හැමෝගෙම අදහස් විමසලා සුදුසු ස්ථානයක් තෝරගන්න අපේ මේ කටයුත්ත කරන්න.

සුදුසු තැනක් තෝරාගත්තට පස්සේ අපිට පුලුවන් වෙයි අපි ඒ ආයතනයට හෝ අපෙන් උපකාර ලබාගන්න කෙනාට ඒ උපකාර කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න. දිනයක් ස්ථානයකුත් ඒ සමඟම තීරණය කරමු.

ඉතින් මේ අක්ෂර අපි ආරම්භ කළ මෙහෙවර ජනසතු කරමින් ඉදිරියටම කරගෙන යන්න පූර්විකාවක්.. වැඩි විස්තර ඉදිරියේදී, ලඟදීම..

අපිව සම්බන්ධ කරගන්න chaturanga87@gmail.com වෙත ඊමේල් කරන්න..

3 comments:

  1. nice work .like to help u.

    plz rmv the word verification

    ReplyDelete
  2. කිසිදු කරදරයකින් තොරව කරගෙන යාමට හැකයාව ඔබ සතු වේව!

    මනසින් දිවියට

    ReplyDelete
  3. අනිවා.... මමත් සෙට් වෙනෝ

    සීතලේ!!!!!!

    ReplyDelete

 

Copyright © මෙහෙවර.. Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger