අක්ෂර අපි 2012 ජනවාරි මාසේ අට වෙනිදා පුංචි සිත් වලට සතුටක් දෙන්න බොරැල්ල ජයන්ති ළමා නිවාසයට ගියපු ගමන ගැන අපි කලින් කිව්වානේ.. ඒ ගැන නොදන්න අය "අක්ෂර අපේ මෙහෙවර" පෝස්ට් එක කියවලාම බලන්න..
ඉතින් අපි ඒ ආරම්භ කරපු මෙහෙවර 2013 වසරේදිත් (ජනවාරි හෝ පෙබරවාරි) කරන්නයි අපේ මේ සූදානම.. මුලින්ම අපි සැළසුම් කලේ මේ අවුරුද්දේදී කලා වගේ අක්ෂරයේ අපි විතරක් එකතු වෙලා මේ කටයුත්ත කරන්න. ඒත් පස්සේ තීරණය කළා මේ කටයුත්තට සහභාගී වෙන්න කැමති බ්ලොග් රචකයෝ/ පාඨකයෝ ඉන්නවානම් ඒ අයවත් අපිත් එක්ක එකතු කරගන්න.
මුලින්ම අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා.. ඔබ දන්න ළමා නිවාසයක්/ වැඩිහිටි නිවාසයක් හෝ අපෙන් උපකාරයක් අවැසි අපිට...
Thursday, December 13, 2012
අක්ෂර අපේ මෙහෙවර
අක්ෂරය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයට එක්වී වසරක් ගතවිය. ඒ නිමිත්තෙන් සමාජ මෙහෙවරක් උදෙසා උර දීමට අප කණ්ඩායම කලක පටන් සැලසුම් සකසන්නට විය. එනයින් පසුගිය ජනවාරි 8 වන ඉරුදින අප කණ්ඩායම එක්වූයේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ විජයරාම මංසන්ධිය අසල වූ ජයන්ති ළමා නිවාසයේ පොඩිත්තන් වෙනුවෙන් කාලය ගත කිරීමටය. හිස් අතින්ම නොවේ, අපේ කණ්ඩායමේ දායකත්වයෙන් රැස් කරගත් මුදලින් ඒ පොඩිත්තන් වෙනුවෙන් රැගෙන ගිය තෑගිබෝගද සමගය.
මේ එහි පොඩිත්තන් සමග අප ගත කල කෙටිකාලයේ සොඳරු මතක සටහන් කිහිපයකි.
මේ පුංචි ඇස් එදා නම් සතුටින් පිරිල තිබුනා. මුවඟ රැඳි සිනහව අපේ පුංචි ප්‍රයත්නය...
Subscribe to:
Posts (Atom)